IMF වැඩ පිළිවෙලේ කොන්දේසි රනිල් ලවා ඉටුකරවා ගෙන ලබන වසරේ අප්‍රේල් වන විට රනිල් ජනාධිපති කමින් ඉවත් වී.නාමල් රාජපක්ෂව අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවෙන් නැවත පත් කිරීමේ සැලසුමක් පවතින බව පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යවස්ථාවට අනුව සිටින ජනාධිපති ඉවත් වුවහොත් අගමැති මාසයක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස පත්වෙන බවත් මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගත යුතු බව ත් පොහොට්ටුවේ නායකයකු පැවසීය.
ඉන් අනතුරුව නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එජාප,පොහොට්ටු,සජබ බහුතරය,දෙමළ,මුස්ලිම් හා වතුකරයේ චන්ද ලබාගෙන නාමල් ජනාධිපති කරවීම ඇමරිකා,ඉංදියා සැලසුම වී ඇති බව වාර්ථාවේ. මෙයට රනිල් දැනටමත් මහින්දට එකඟවී ඇති බව වාර්ථා වේ.
මේ සඳහා ප්‍රචාරක කටයුතු අධික වියදමක් දරා මාධ්‍ය හරහා පොහොට්ටුව දැනටමත් ආරම්භ කර ඇති බවත්,පසුගියදා අවසන් වුනු ආසියානු ක්‍රිකට් අවසන් තරඟයේදී පොහොට්ටුවේ ලකුණ සහිත බැනර් ප්‍රදර්ශනයද එහි එක් පියවරක් බව ත් පොහොට්ටු ප්‍රකාශකයා පැවසීය.

0 Comments