අද දිනයේ රටපුරා පිහිටි රජයේ රෝහල් හැත්තෑවක් ඉදිරිපිට දහවල් කෑම පැයේදී විරෝධතාවයක් පවත්වන බව සෞඛ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්යාපාරය සඳහන් කරයි.
එහි ලේකම් වෛද්ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ රටේ සෞඛ්ය පද්ධතිය තුළ මතුව ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉල්ලීම් හයක් මුල් කර මෙම විරෝධතාව පවත්වන බවයි.
සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට රටේ උසස් සෞඛ්ය සේවා ඇති කිරීමට මෙහි දී රජයට බල කරන බවද හෙතෙම පැවසීය.


0 Comments