මෝඩය,පිස්සා,නරුමයා, නිවටයා..අයියෝ සිරිසේන!

 




ඉහත දැක්වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී සරත් ෆොන්සේකා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එල්ල කළ වාග් ප්‍රහාරයේදී පාවිච්චි කළ වචන කිහිපයකි.

        මෙහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා පාස්කු ප්‍රශ්නය විසඳීමට අංශ දෙකකින් ක්‍රියාත්මක විය යුතු බවත්, ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වූයේ මන්ද ?සහ සහරාන්ව මෙහෙයවපු මහ මොළකරු කවුද?යන්න ඒ ප්‍රශ්න දෙක බවත්, මේ මහමොළකරු මේ රටටම විෂබීජයක් බවත් ,ඒ ජීවමාන සාධකය මේ අවටම සිටින බවත්,පැවසීය.

        සහරාන් 2010 සිටම රාජ්‍ය බුද්ධි අංශ සමඟ කටයුතු කර ඇති බවත්,අප්‍රේල්,04,20,21 උදේත් ඉංදියාවේ බුද්ධි අංශ වලින් මේ භයානක ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදීත්, නිලන්ත ජයවර්ධන ඒවා ජනාධිපතිට,ආරක්ෂක ඇමතිට නොදැන්නුවේ නම් ඔහුට බරපතල දඬුවම් ලබාදිය යුතු බවත්,නැත්නම් මේ ප්‍රහාරයේ වගකීම ජනාධිපති භාරගත යුතු බවත්,ප්‍රකාශ කරද්දී ඊට බාධාකළ සිරිසේනට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරමින්,මොහුට වල්ගෙ පෑගිලා කට පියාගෙන ඉන්නවා,මේ ජනාධිපති කෙනෙක්ද,මෝඩයා,දැන් ලේ රත්වෙලා කෑගහනවා,මොහු තමයි ප්‍රහාරයේ මහ මොළකරු,දාඩිය පෙරාගෙන දැන් ගිරිය පුප්පගෙන කෑගැහුවත් මේ ප්‍රහාරයේ මහ මොලකරුවන් දෙදෙනාගෙන් එක් අ⁣යෙකු ගෝඨාභය බවත් අනෙක් කෙනා මෙයා බවත් ,මේ නරුමයා ජනාධිපති වුනේ කොහොමද යනුවෙන් සඳහන් ක⁣⁣ළේය.    

   මෙහිදී සිරිසේන පැවසුවේ මෙයා හමුදා මූලස්ථානයවත් රැකගන්න බැරි මහ ලොකු හමුදාපති බවත්,බෝම්බ කාල බඩවැල් එක වාහනයකත්,මෙයා වෙන වාහනයකත් අරන් ගිය හමුදාපති බවත් සඳහන් කළේය.

අහෝ පාර්ලිමේන්තුව..

Post a Comment

0 Comments