තමුන් දන්න ලබ්බක් නෑ... තුෂාර ඉඳුනිල් ( පා.ම)



 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගත් අතර ,ස.ජ.බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විවාදයට එක්වෙමින් සිය කථාව කරගෙන යද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ඔහුට බාධා කිරීම හේතුවෙන් උරන වූ ඔහු පැවසුවේ තමුන් දන්න ලබ්බක් නෑ.කටපියන් ඉන්නවා ,යනුවෙනි.

*මාලුපාන් වුනාට මාලු නෑ.

  තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මාළුපාන් වල මාළු නෑ වගෙ  ඇස්ප්‍රින් වල ඇස්ප්‍රින් නැති බවත්,තෛරොයිඩ් පෙති වල තෛරොයඩ් නැති බවත්, මාළු නැති වුනත් මාළුපාන් කෑවම මනිසුන්ට ප්‍රශ්නයක් නැති මුත් මෙවැනි ප්‍රමිතියෙන් තොර බෙහෙත් බොන රෝගීන්ට මොකද වෙන්නෙ කියල සෞඛ්‍ය ඇමතිගෙන් තමා විමසන බවත්, සඳහන් කරන ලදී.

        හදිසි මිලදී ගැනීම් සඳහා තිබෙන අවකාශය පාවිච්චි කරමින් ඕනෑම තැනකින් ඖෂධ ලබාගැනීම නිසා මිනිසුන් මැරෙන බවත්, මේ වන විට 100 කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් මරණ හෝ විවිධ ආසාත්මිකතාවලට ලක්වී ඇති බවත්,සියල්ල දේශපාලනීකරනය වුවත් සෞඛ්‍ය දේශපාලනීකරණය වුවොත් ඒ වැරැද්ද ආයෙ හදන්න බැරි බවත් ඔහු කීහ.

Post a Comment

0 Comments