ලංකා ආණ්ඩුවේ සුක්කානම කවුරු මෙහෙයවුවද,කුමන ධනේෂ්වර දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ දේශපාලන බලය දැරුවද,ලංකාව මුහුණදෙන ආර්ථික,සමාජ,හා දේශපාලන අවුල්, වියවුල් සුවපත් කිරීමට අසමත් වී ඇති අතර සමාජයේ බහුතරයක් ජනතාව අනුකම්පා විරහිත ලෙස සිය මරණය කරා ගෙන යන,දිරාපත් වන සමාජයක් බවට පත් කර ඇත.
ජනගහනයෙන් බහුතරයකට සිය මූලික අවශ්‍යතාවන්වත් සපුරා ගත නොහැකි එහෙත් ධනවත් අල්ප දෙනෙකුට පමණක් සුඛෝපභෝගී සැප සම්පත්වල ඇලී,ගැලී සිටීමට හැකි වී ඇත්තේ ඇයි?
සමහරෙකුට සැප සම්පත්වලින් සැප සම්පත් කරා යාමටත්,සමාජයේ බහුතරයකට පාලකයන් පිනට දෙන බඩුමල්ලක් හිඟාකෑමට පෝලිමක බලාසිටීමටත්,කොළඹ විසල් මන්දිර දිහා බලමින් ජලය බැසයාමට කානුපද්ධතියක්,වැසිකිළියක් නොමැතිව තොටළඟ,මුඩුක්කුවලට සිරවී සිටිමටත්, බොහෝ ජනයාට අධ්‍යාපනය,සෞඛ්‍ය ලබා ගැනීමට වත්කමක් නොමැතිව හීල්ලිමටත්,රැකියා නොමැතිව අතරමං වීමටත්,බහුතරයකට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට මාරාන්තික දෛනික අරගලයක් ගෙන යාමටත් සිදුවී ඇත්තේ කුමක් නිසාද?
විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග්‍රහන ගැන උදම් ඇනුවාට එම ජයග්‍රහණ මේ මිනිසුන්ට කෝ?ඒම ජයග්‍රහන සුපිරි පැලැන්තියේ ලාභ ගොඩගසා ගැනීමට පමණක් නේද?
ඒ නිසා මේ ධනවාදී ක්‍රමයට විරුද්ධව දැන්වත් සකලවිධ දුගී ජනයා වෙනුවෙන්වත් ,පක්ෂවල පටු අරමුණු පසෙකින් තබා අඩුම තරමෙ මේ ප්‍රතිසංස්කරණ ටිකවත් ජනතාවට ලබා දිය හැකි ආංඩුවක් තැනීම සඳහා වැඩ පිළිවෙලක් මත එක්සත් නොවන්නේද?
ජනතාව ලෙස අපි එම සමාජ පරිවර්ථනය වෙනුවෙන් එකතු වන ලෙස මාලිමාව,ඇතුලු විපක්ෂයේ සියලු වමේ හා ප්‍රගතිශීලී පක්ෂ වලට බලකරමු.
එසේ නොවුන හොත් විපක්ෂය බෙදා නැවත ධනපතියන්ම බලය ගනු ඇත.පවතින යථාර්ථය තුල කිසිවෙකුට තනියෙන් බලය ගත නොහැකි බව දත යුතුය..අධිරාජ්‍යවාදීන් ලේසියෙන් මේ බලය අත් නොහරිනු ඇත.එක්සත් වෙයව්!
වාම පොදුජන ව්‍යාපාරය.

0 Comments