මේ මගින් ජනතාව තේරැම් ගත යුත්තේ කුමක්ද? මොවුන්ට රටක ජාතික වශයෙන් වැදගත් කිසිදු සම්පතක් වැඩක් නැත.තම පංතියට තර්ජනයක් එල්ල වන විට බොරු විරෝධයන් පසෙකලා මොවුන් සියලු දෙනා එකතු වන බව නොවේද?
දැන් රනිල් හා මේ පොහොට්ටු කල්ලිය එකතු වී රටේ ඉතුරු වී ඇති අනෙක් ලාභ ලබන ජාතික සම්පත් සියල්ල විකිණීමටIMF සමඟ එකඟ වී ගිවිසුම්ද අත්සන් කර ඇත.
මත්තලද පාඩු බව හුවා දක්වා කුණුකොල්ලයට විකුණනු ඇත.
හම්බන්තොට වරායත්,මත්තලත් මේ රටේ ආර්ථික සංවර්ධනයේ දොරටු බවට පත්කර ගැනීමට අවස්ථාව තිබියදී මේ ලෙස මේ සම්පත් විකිණීමට මොවුන්ට බලය දුන්නේ කවුද?ජනතා වරමක් නොමැති මේ පාලකයන්ට මේ රට විනාශකර දැමීමට ඉඩදී අපි බලා සිටිමුද?එසේ නොමැති නම් රටේ අනාගතය වෙනුවෙන් මේ ප්‍රතිපත්ති වලට විරුද්ධ සියලු දෙනා එකතුවී මේ පාලනය පරාජය කළ යුතු නොවේද?

0 Comments