රනිල්ට-බයිඩන් හමුවීමට අවස්ථාවක් නොදුන් හේතුව මෙන්න....



 කියුබාවේ පැවැත්වෙන "ජී 77 ප්ලස් "චයිනා සමුළුවට සහභාගීවී අනතුරුව 21 දා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ගිය ජනාධිපති රනිල්ට, ඇමරිකානු ජනාධිපති ජෝ,බයිඩන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා නොයෙක් උත්සාහයන් ගෙන තිබුනත් එය ව්‍යර්ථ වී ඇති බව වාර්ථාවේ. එයට හේතුව රනිල් වික්‍රමසිංහ මේ වනවිට රටතුළ ගෙනියන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා බව වාර්ථා වේ.රනිල් ජනාධිපති වූ වහාම ගෝල්ෆේස් අරගලයට පහරදී එළවා දැමීමත්,ජනතා උද්ඝොෂණ වලට පහර දීමත්,මැතිවරණ නොපැවැත්වීමත්,විධායක බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවටත්,   අධිකරණයේ ස්වාධීනත්වයටත් එල්ල කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑමත්, හේතුකොටගෙන බව පැවසේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයෙකු පත්වූ වහාම සුභ පතන ඇමරිකානු ජනාධිපති මේ දක්වා රනිල්ට සුබපතා නොමැත්තේ රනිල්ගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා බව සැලවේ..

Post a Comment

0 Comments