පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කර ඇති වීඩියෝ පිළිගන්නේ නම් උතුරේ පැවති යුද්දයට අදාළව එම නාලිකාව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවද පිළිගන්නා ලෙස සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
මෙය නවතම උපක්‍රමය බවත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඉල්ලීමෙන් පසුව උතුරේ යුද අපරාධ ගැනත් ‘චැනල් ෆෝ’ වීඩියෝව පදනම් කරගනිමින් පරීක්ෂණයක් ඉල්ලා සිටීම උපක්‍රමය බවත් හෙතෙම කියා සිටියේය.
‘චැනල් ෆෝ’ චිත්‍රපටිය යොදා ගනිමින් බුද්ධි අංශ දඩයම් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් පැවසූ ඔහු චැනල් ෆෝ යනු පගාවට වීඩියෝ නිපදවන නාලිකාවක් බවත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව චැනල් ෆෝ චෝදනා ගැන පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.
ඇමරිකානු බුද්ධි අංශ ඕස්ට්‍රේලියාවු බුද්ධි අංශ ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසකින් මේ පිළිබඳව පරීක්ෂණ කර වාර්තා එළිදක්වා තිබියදී පාර්ලිමේන්තු විවාදයකින් පරීක්ෂණයක් සිදු කළ හැකි යැයි තමන් විශ්වාස නොකරන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
මෙම පාර්ලිමේන්තු විවාදය අවසානයේ අදාල ප්‍රහාරයේ මහ මොළකරු නිසිලෙස හෙළි කර හැකි වුවහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

0 Comments