රනිල් ජනාධිපතිවරණයත් නොතිය ඉන්න පුලුවන් !! මාලිමාව අනතුරු අඟවයි ....



 ව්‍යවස්ථානුකූලව 2024 ඔක්-නොවැ. වනවිට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත්,විධායක ජනාධිපතිවරයකු නැතිව දවසක්වත් රටට ඉදිරියට යන්න බැරි බවත්,ජනාධිපතිවරණයක්නො තියා රනිල්ට පනින්න පුලුවන් එක ක්‍රමයක් පමණක් පවතින බවත්,ඒ රනිල්ම මැදිහත් වෙලා රට අරාජික කරල දැන් මැතිවරණයක් තියන්න සුදුසු කාලයක් නෙමේ කියල ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ සමාජ මාධ්‍ය හමුවකදී පැවසීය.

           ජනතාව විදියට මෙය තේරුම් ගත යුතු බවත්,2015 මහින්ද රනිල්ට අතට අත දී බලය හුවමාරු කළ ආකාරය⁣ට සුහදශීලී,සුමට ලෙස මෙවර එය සිදු නොවන බවත්,මෙවර සිදු වන්නේ මෙතෙක් කල් රට පාලනය කළ පැළැන්තියෙන් මහජනතාව අතට බලය හුවමාරු වන අවස්ථාවක් බවත්,ජනාධිපතිවරණයේ චන්ද  ගණින අවසන් අවස්ථාවේත් අරාජිකත්වයක් ඇති කිරීමේ ඉඩක් පවතින බවත්,ඒ නිසා එවැනි තත්වයකට මුහුණදීමට ජාතික ජන බලවේගය සූදානම් බවත්,සංවිධානය වු ජනතා බලයක් ඒ සඳහා දැනටමත් ගොඩනගා ඇති බවත් ඔහු පැවසීය .මීළඟ ජනාධිපතිවරණයේදී ධනපති කඳවුරෙන් බොහෝ දුරට රනිල් පැමිණිය හැකි බවත්,මහජනතාව පැත්තෙන් එන්නේ ජාතික ජනබලවේගය පමණක් බවත් රනිල්ට කංඩායම් දෙකක් චන්දය දෙන බවත් ඒ වහල්ලු හා රදලයන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments