ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාව වෙත සංචාරක විසා මත යැවිමට උත්සහ කල බගවන්තලාව ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් (16) දින අත්අඩංගුවට ගැණින.
එම කාන්තාව සිය සහෝදරයා සමග එක්ව බගවන්තලාව කොටියාගල වතුයායේ කාන්තාවන් දෙදෙනෙකු සංචාරක විසා මත මැලේසියාවේ ගෘහ සේවයට යැවිම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් කිරිමට කටයුතු කර තිබු අවස්තාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ රාජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් එම කාන්තාවන් දෙදෙනා ආපසු හරවා එවිමට කටයුතු කර තිබුණි.
එම කාන්තාවන් දෙදෙනා පෙර පාසල් ගුරුවරිය සහෝදරයා විසින් ඉන්දියාවට ගොස් එතැන් සිට මැලේසියාවට යැවිම සදහා කාන්තාවන් දෙදෙනා යලිත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ආපසු රැගෙන පැමිණි අවස්තාවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් විසින් පෙර පාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ෂණයකින් අනතුරුව පෙර පාසල් ගුරුවරිය (16) දින අත්අඩංගුවට ගැනිමට පියවර ගැණින.
අත්අඩංගුවට ගත් පෙර පාසල් ගුරුවරිය (16) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.විනයාගමුර්ති මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරිනියට මේ මස (18) දින මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසත්, සැකකරිනියට රු ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදා හැරිමට වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණ.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ බගවන්තලාව කොටියාගල වත්තේ පදිංචි විග්නුදර්ශිකා (30) හැවිරිදි යන අයයි.


0 Comments