මහ බැංකු මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති…

 

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයෙන් එහි සාමාජිකයන් දෙදෙනෙකු ඉවත් වීමට තීරණය කර ඇත.

එසේ ඉවත් වීමට තීරණය කර ඇත්තේ සංජීව ජයවර්ධන මහතා සහ රාණි ජයමහ මහත්මියයි.

ඔවුන් වසර කිහිපයක් තිස්සේම මුදල් මන්ඩලය නියෝජනය කළ අයයි.

නව මහ බැංකු පනත බලාත්මක වීමත් සමග මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට නව සාමාජිකයන් පත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

නව පනත බලාත්මක වීමෙන් පසු මුදල් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව නවය දක්වා ඉහළ යන අතර මෙතෙක් පැවතියේ සාමාජිකයන් පස් දෙනෙකි.

ඒ අනුව ඉදිරියේදී නව සාමාජිකයන් පිරිසක් ද මුදල් මණ්ඩලයට පත්වීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments