සාගර කාරියවසම් ඇමරිකාවට!



ඔබ ලංකාව අතහැර ඇමරිකාවට යන බවට හැම තැනම පැතිරිලා තියෙන ප්‍රවෘත්තිය සැබෑවක්ද? යනුවෙන් සමාජ මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,පොදුජන පෙරමුණේ ලේකම් සාගර පැවසුවේ තමා ආරාධනාවකට අනුව ඇමරිකාවට යන බව සත්‍යයක් වුවත්,තමා ලංකාව හැරදා නොයන බවයි.

     මෙම සාකච්ඡාවේදී විශේෂ කරුණු කීපයක්ම ප්‍රථමවරට හෙළිකළ ඔහු පැවසුවේ පොදුජන පෙරමුණේ දැන් ඇතිවී තිබෙන පසුබෑමට ප්‍රධාන හේතුව ,ජවිපෙ පසුගිය අරගලය වෙලාවෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළ තම පක්ෂයේ නායකයන්ගේ⁣ ගෙවල් 76 ක් ගිනිතියල ,මන්ත්‍රීවරයකු කපා කොටා මරල සමාජිකයන් හයසිය ගානකට විවිධ අතවර කරල ඇතිකළ ත්‍රස්ත්‍රවාදය හේතුවෙන්  අපේ පාක්ෂිකයො භීතියට පත්වීම නිසා බවයි.

      එම ත්‍රස්තවාදය වැළැක්වීමට ජනාධිපති සමත්වුනේ  වුනේ නැති බවත්,ඔහු ලබාදුන් නියෝග පොළිස්පති,හමුදාපති පිළිනොගැනීම ප්‍රශ්නයක් බවත්, ගෝල්ෆේස් අරගලයට ඍජුව සම්බන්ධවූ පිරිස් අද සේව⁣ය කරන්නේ ජනාධිපති කාර්යාලයේ බවත්,අරගලය වෙලාවේ පැවති ගෘහස්ත ගෑස් පිපිරීම රනිල් ජනාධිපති වූ විගසම නතර වුනේ කෙසේද කියා තමා නොදන්නා බවත් මේ සියල්ල පසුපස කුමන්ත්‍රණයක් තිබූ බව පැහැදිලි මුත් තමාට ඒ පිළිබඳ සාක්ෂි නොමැති බවත් පැවසීය.

     මේ කුමන්ත්‍රණය පසුපස ඇමරිකාව සිටින බව සියලු දේශපාලන විශ්ලේෂකයන් පවසද්දී සාගර ඇමරිකාවටම රිංගන්නේ කුමක් නිසාද?යන්න ප්‍රහේළිකාවක් බව පොදු පෙරමුණේම අය පවසති...

Post a Comment

0 Comments