උද්ධමනය දෙකට බහී.. ආහාර උද්ධමනය සෘණ පහ පනී.. ලංකාව ලෝකයේ අඩුම උද්මන රටවල පෙරමුණට..

 



ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 ජූලි මාසයේ දී 4.6 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1 % ක් දක්වා අඩු වී ඇත.

2023 ජූලි මාසයේ දී -2.5 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2023 අගෝස්තු මාසය සඳහා -5.4 % ක් දක්වා පහළ වැටී ඇත.

එමෙන්ම, ජූලි මාසයේ දී 10.9 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද අගෝස්තු මාසයේ දී 9.0 % ක් දක්වා පහළ වැටී ඇත.

Post a Comment

0 Comments