අම්බලන්ගොඩ සිට කොග්ගල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ සිටි කාන්තාවට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඇය ඉන් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලිසිය පවසන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු බස් රථයට ගොඩවී මෙම වෙඩි කැබීම සිදු කර ඇති බවය.
මෙම කාන්තාව පසුගිය ජුලි මාසයේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුගේ මවක් බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.
0 Comments