දිනේෂ්,බැසිල් සාකච්ජාව කුමක් සඳහාද!

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ,මහජන එක්සත් පෙරමුණත් අතර පසුගිය 13 දා කොළඹදී පැවති හදිසි දීර්ඝ සාකච්ඡාව මීළඟ මැතිවරණයකදී එම පක්ෂ දෙකට ලැබීමට නියමිත දැවැන්ත පරාජයෙන් ගොඩඑන්නේ කෙසේද යන්න පිළිබඳව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

          ලැබෙන සියළුම සමීක්ෂණ,දත්ත වාර්ථා අනුව පොදුජන පෙරමුණට චන්දය දුන් ජනතාවගේ ප්‍රාර්ථනාවන් රනිල් ගේ දෙපා මුලතබා බැසිල්ලා ,දිනේෂ්ලා මහින්දලා විසින් පාවා දීමත් සමඟ පොදු ජන බලවේගයේ චන්ද දායකයන්ගෙන් 90%ක් පොදුජන පෙරමුණෙන් ඉවත් වී ඇති බව වාර්ථාවීමත් සමඟ කලබලවී මෙම සාකච්ඡාව කැඳවා ඇත.

       තනතුරු භාරගැනීමේදී දිනේෂ්ලාට ඒබව නොපෙනුණත් මැතිවණයක් ලංවෙනකොට දැනෙන්නට පටන්ගෙන තිබෙන බව පොහොට්ටුවේ ප්‍රබලයකු පැවසීය .ඒ නිසා ඊළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට පැන ගැනීම සඳහා මේ අය සූත්‍රයක් හොයන බව ඔහු වැඩිදුරටත් පැවසීය. .

මෙම රැස්වීමට නාමල්,දිනේෂ්ගෙ පුතා,චන්ඳ්‍රසේන,සාගර ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර,ජන්ද ගුංඩු වශයෙන් මීළඟ අයවැයේදී ජනතාවගේ ජීවන බරට සහන ලෙස යම් යම් යෝජනා රනිල් වෙත ඉදිරිපත් කිරීමටද එම රැස්වීමෙීදී කථිකා කරගෙන ඇති බවද සැලය.

දැනට පොහොට්ටු සංධානයේ ඉතිරිවී සිටින්නේ.දිනේෂ් පමනි. අනෙක් සියලුම වාමංශික හා ජාතිකවාදී පක්ෂ ඉන් ඉවත්වී ඇත.

Post a Comment

0 Comments