මගේ බෙල්ල කැපුවා! පක්ෂයෙන් විසිවුනු දයාසිරි පවසයි.....

 




සභාපති සිරිසේන සමඟ ඊයෙ හවස තේ එකක් බී පිටවුනු තමන්ගේ බෙල්ල රාත්‍රි වෙනකොට කපයි කියල තමන් කිසිදා නොසිතු බවත්,ඉතාමත් දුෂ්කර මොහොතේ  පක්ෂය අල්ලගෙන සිටි තමාව එළියට දැම්මේ ආණ්ඩුවේ උවමනාවට  බවත්,පාක්ෂිකයන් මෙය අනුමත කොකරන බවත් හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දයාසිරි ජයසේකර පැවසීය.

       තමාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා,ලේකම්ධූරයෙන් තමාව ඉවත්කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී තීන්දුවක්  බවත්,අනාගතයේදී තමා මෙයට එරෙහිව නීතිමය පියවරක් ගන්නා බවත් පැවසීය.

     අනාගතයේ පක්ෂයේ බලය අල්ලයි කියා සභාපතිට මා ගැන භීතියක් තිබූ බවත්,අවිශ්වාසය හා සැකය මත ජීවත්වන අය තීරණ ගන්නේ මෙලෙස බවත් ඔහු පැවසීය.

        2022 පක්ෂය තීන්දු කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමට වුවත් ,එයට පිටුපා 8 දෙනෙක් ඇමතිකම් අරගෙන ආණ්ඩුවට  ඇතුලු වු බවත්, එම ඇමතිවරුන්ගේ කුමන්ත්‍රණයට සභාපති අසුවූ බවත්,ඒ තමයි නියම සිරිසේන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

.   ආණ්ඩුවේ තුරුලට නොයන කංඩායමේ තමා ඇතුලුව  ශාන්ලාල්,දුෂ්මන්ත ,රෝහන ලක්ෂ්මන්,අංගජන් මන්‍ත්‍රීවරුන් සිටින බවත්,ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය සමග කටයුතු කරන බවත් පැවසීය.....

Post a Comment

0 Comments