පිටුපසින් සිට පිහියෙන් ඇනීම!

 


මෛත්‍රීපාල සිරිසේන යනු 2015 එ.ජ.නි සංධානයේ හා ශ්‍රී.ල.නි.පයේ ජනතා බලවේගයන්ගේ අපේක්ෂාවන්ට පිටුපා ප්‍රයෝගයෙන් හා කුමන්ත්‍රණයෙන්,හංසයා ලකුණින් UNP ප්‍රධාන වූ පෙරමුණකින් ජනාධිපති තරඟයට ඉදිරිපත් වී මහින්දට පිටුපසින් සිට පළමුවරට පිහියෙන් ඇන ඔහු පරාජය කළ සතුරු නායකයාය.

       ජයග්‍රහනයෙන් පසුව එදත් ඔහු සමඟ සිටි, අදත් ඔහු සමඟ සිටින නිමල් සිරිපාල,මහින්ද අමරවීර,සුසිල්,අනුර යාපා

වැන්නන් සමඟ එකතු වී,ප්‍රයෝගයෙන් ශ්‍රී.ල.නි.ප සභාපතිකම උදුරාගෙන මහින්දට දෙවන වරටත් පිහියෙන් ඇන්නේය.

   ඉන් පසුව ජනාධිපතිවරණයේදී ඔහුට සහය දුන් ශ්‍රීලනිප අනුශාසක චන්ද්‍රිකාට පිහියෙන් ඇන්නේය පක්ෂයෙන් පැන්නුවේය.

        ඊළඟට,ඔහු ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුවේ සුළුතරයවූ UNP නායක රනිල්ව අගමැති කළේය.ඉන් පසුව මහින්දව නැවත අගමැති කරමින් රනිල්ට පිහියෙන් ඇන්නේය.

   ඊළඟට ආසන්නම පිහි ඇනුම සිදුකළේ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරටය.

      මේ අනුව සිරිසේනට සභාපති,ලේකම්,අනුශාසක,අගමැති තනතුරු පෙන්නන්න බැරි බවත්,මේ වගෙ බඩුකෑල්ලක් ලෝකයේ වෙනත් කිසිදු රටක දැක නොමැති බවත් මිනිහගේ මීළඟ පිම්ම ආණ්ඩුවට බවත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති..

Post a Comment

0 Comments