මාධ්‍ය නිවේදනයයි.



 සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් සදහා අදාල අනුමැතිය ලබා නොදී මුලික අයිතිවාසිකම් කඩකිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට පැනවු රුපියල් මිලියනයක දඩය අදාල නිලධාරීන්ගෙන් අයකර ගැනීම විදුලිබල ලේකම් වරයාගේ වගකීමක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. මෙම නඩුවේ වගඋත්තරකාර හිටපු විදුලිබල ලේකම් සුරේන් බටගොඩ මේ වන විට වත්මන් රජයේ උපදේශකයෙකු ලෙස පත්කර තිබීම විමතියකට කරුණකි.  නඩු තීන්දුවට අනුව අදාල ව්‍යාපෘතිය අඩාල කල හිටපු විදුලි බල ලේකම්වරු සහ ලංවිම සභාපති වරු ඇතුලු නිලධාරීන් වහා හදුනාගෙන ව්‍යාපෘතිය අහිමි වීමෙන් සිදුවු සමස්ත පාඩුව ඔවුන්ටම අධිභාරයක් ලෙස පැනවිය යුතු ය. රජයට යම් පාඩුවක් සිදු වු විට අධිභාර පනවා පාඩුව සිදු කල නිලධාරියාගෙන් අයකර ගැනීමට මුල්‍ය රෙගුලාසි පනවා ඇත. මුල්‍ය රෙගුලාසි 119 අනුව රජයට යම් පාඩුවක් කල විට අදාල නිලධාරියාගෙන් අයකර ගත හැකිය. අධිභාර අයකර ගැනීමේ වගකීම අදාල  අමාත්‍යංශ ලේකම් ගේ සහ විගණාකාධීපතිවරයාට පැවරි තිබේ. මෙම ව්‍යාපෘතිය අඩාල වන විගණකාධිපතිවරයාට වේලාසනින් දැනගැනීමට හැකියාව තිබු බවද, විගණකාධිපති විසින් එය පැහැර හැරීම නිසා විශාල පාඩුවක් සිදු වු බවද සංජීව ධම්මික මහතා පැවසීය. කෝප් කමිටු සභාපති වරයා විසින් මෙම අධිභාරය නිසි ලෙස අයකරගැනීමට වගබලා ගත යුතු බවද විදුලිය පාවචිච්කරන්නන්ගෙ සංගමය පෙන්වා දෙනවා.

සංජීව ධම්මික

ජාතික ලේකම්

විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය

0777345748

Post a Comment

0 Comments