ජනතාවට බියකරු රාත්‍රියක්!



 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ත⁣මේන්තුවේ නවතම වාර්ථාව අනුව එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපි.17233/=ක් අවශ්‍ය බව දක්වා ඇත.මේ අනුව පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීම සඳහා රුපි.86165/=ක මාසික වියදමක් අවශ්‍ය වේ.(මෙහි සැබෑ වියදම මීට වඩා බොහෝ සෙයින් වැඩිය)

   ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනය අනුව ගත්තත් මෙවැනි මාසික ආදායමක් රටේ ජනතාවගෙන් 70%කටම ලැබෙන්නේ නැති බව විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු පැවසීය .ඒ අනුව කොච්චර දුෂ්කරතාවයකින්, අමාරුවකින්,දරීද්‍රතාවයකින්  රටේ මිනිසුන් පෙළෙනවා ඇත්ද?මේ අනුව දරුවන් දෙතුන් දෙනෙකු සිටින පවුලක පීඩනය කෙබඳුද?විදුලි බිල,ජල බිල,අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම සිහිවන විට ඉදිරි රාත්‍රිය ජනතාවට බියකරු රාත්‍රියක්වීමට ඉඩ නැද්ද?

       වැටුප් ලබන රජයේ හා පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප වැඩි නොවී මේ ජීවන වියදම ට මුහුණ දෙන ආකාරය ගැන සිතන විට හෙට දින ඔවුන්ටද බියකරු රාත්‍රියක් වීමට ඉඩ නැද්ද?යනුවෙන් ඔහු විමසීය.

     මේ පිළිබඳව අදහස් දැක්වු  තවත්  ආර්ථික විශ්ලේෂකයකු පැවසුවේ මෙසේ ආර්ථික වශයෙන් රෝගාතුරව දිනෙන් දින වැහැරෙන ජනතාව ගේ කෝපය හා ගිනිදැල් මේ ආණ්ඩුවට විරුද්ධව නැවත මතුවන දිනය වැඩි ඈතක නොවන බව යි....

Post a Comment

0 Comments