නැගෙනෙහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරය ආසන්නයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරය මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජතුමා විසින් ඉදිකරන ලදැයි සැලකේ.
මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා සිය ජීවිතය මුහුදට බිලිදීම පිණිස යාත්‍රාවක නැගී ගමන් ගත් බව සඳහන් කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වූ දේවි කුමරිය ගොඩබට ස්ථානය ලෙස සැලකෙන්නේද මෙම ස්ථානයයි.
කලක පටන්ම මුස්ලිම් අන්තවාදයේ දැඩි බලපෑමට මෙම මුහුදු මහා විහාරය හා ඒ අවට වන රක්ෂිතය ලක් ව තිබූ අතර අනවසර පදිංචිවීම් , මුහුදු වැලි කොල්ලය ,ගොඩනැගිලි ඉදිකිරීම් ආදී ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරින් හා දේශපාලන අධිකාරියේ ආශිර්වාදයෙන් සිදුවන බවට චෝදනා එල්ල විය. මෙහි ඇති ලෙනක භාවනායෝගීව සිටි හිමිනමකට පහරදීමට අන්තවාදීන් මෑතකදී කටයුතු කර තිබුණි.
මුහුදු මහා විහාරයට එල්ලවන මේ අන්තවාදී බලපෑම් පිලිබදව සත්‍ය තොරතුරු රටට හෙළි කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් පිරිසක් එක්වුහ.
එහිදී පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියන් සහ උඩලමත්තේ රතනප්‍රිය හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු පිරිස මුහුදු මහා විහාරය පත්ව ඇති අවාසනාවන්ත ඉරණම සියැසින්ම දැක ගැනීමට සමත් වූහ.
ඉන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායකයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.
අද අපි මුහුදු මහා විහාරයට ආවේ වසර 2200 කට වඩා පැරණි අපේ පුරාවස්තු වලට මුස්ලිම් අන්තවාදීන් සිදු කරල තියෙන, සිදුවෙමින් පවතින විනාශය සියැසින් දැක බලාගෙන අපි ඒවා රැකගන්න මොනවද කළ යුත්තේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්, පක්ෂ නායකයෙකු වශයෙන් අපේ වගකීම ඉටු කරන්න.
මෙතෙන්දි අපි දැක්ක දේ තමයි නීතියේ ප්‍රශ්නයක් නෑ. නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න බලධාරීන් තමයි මුදලට, ඡන්දවලට යටවෙලා නීතිය ක්‍රියාත්මක කරන්නැතුව මේ පුරාවස්තු සංහාරයට ඉඩ දීලා බලන් ඉන්නේ. ඒ නිසා මුහුදු මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ අපිට යෝජනාවක් ඉදිරිපත් කලා භික්ෂූන් වහන්සේලාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්ථානවල නිල භාරකරුවන් විදියට බලයක් දෙන්න එතකොට උන් වහන්සේලා ස්වේච්ඡාවෙන්ම පුරාවස්තු රැකගැනීම රට ජාතිය වෙනුවෙන් කරාවි කියලා. මොකද උන්වහන්සේලා තමයි ජාතියේ මුර දේවතාවන්. වසර දහස් ගණනක් මේවා රැකගෙන ආවේ උන්වහන්සේලා. අද මේ සුද්දා ගෙනාපු නීති වලින් උන්වහන්සේලාගේ අයිතීන් නිලධාරීන් උදුරගෙන තියෙනවා. උන්වහන්සේලාට කරන්න දේකුත් නෑ. නිලධාරීන් කරන්නෙත් නෑ.
ඒ වගේම අද අපි ගියා සෙංගමුව වන රක්ෂිතයට. අද වන රක්ෂිතයක් එතන නෑ. ප්‍රාදේශීය ලේකම්වරයාත් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රහීම් ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මුෂාරප් යන අයගේ අනුග්‍රහයෙන් සම්පූර්ණ කැලේම කපල ගම්මාන පිට ගම්මාන ඉදිකරලා. මේවා ඇතුළේ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුවේ නිල ලාංඡන සහිත බෝඩ් ගහලා නම් ගහලා තියෙනවා.
පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන්ම 2015 මේ පැත්තෙ මේ රක්ෂිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ගම්මාන ඉදි කෙරෙමින් තිබෙනවා. ඒ වගේම එතන තියෙනවා අනුරාධපුර යුගයේ මුල් භාගයට අයිති වසර 2200- 2300 අතර පැරණි ලෙන් පද්ධතියක් තිබෙනවා. ලෙන් අටක් අපි දැක්කා.
පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් ටික ගලවා එක තැනකට එකතු කරල තියෙනවා. තව තැනක ඒව කළපුව දාලා තියෙනවා. පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් ගල් ඉවත් කරලා ලෙන් විහාර සහිත පුරාවිද්‍යා බිම විනාශ කරනවා. පොලිසියේ ඩීඅයිජී මහත්වරු පවා මේ ඉඩම් අත්පත් කරගෙන. රජයේ නිලධාරීන් අත්පත් කරගෙන. පළාතේ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් එළු මඩම් කරලා තියෙනවා, ඌරු කොටු බවට පත් කරලා තියෙනවා, වගාවන් කරල තියෙනවා,තාවකාලික නිවාස හදලා තියෙනවා, එක පැත්තකින් පුරාවිද්‍යා රක්ෂිත විනාශ කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් වන රක්ෂිතය විනාශ කරල තියෙනවා. මේක ශ්‍රී ලංකාව ද නැතිනම් වෙනම නීතියක් ක්‍රියාත්මක වන රටක්ද කියන ප්‍රශ්නය අද අපි මෙතැනදී අත්වින්දා.
ඉන් අනතුරුව පානම ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයට පැමිණි ගම්මන්පිල මහතා ඇතුළු පිරිස විහාරාධිපති පානම චන්දරතනාභිදාන හිමියන් බැහැදැක පානම ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කලහ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා, පූජ්‍ය යාගොඩ සීවලී හිමි සහ පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමි සමග ධම්මික රත්මලේ , නාලක පෙරේරා, අංජන උදාර , අරවින්ද අතුකෝරළ , ප්‍රසන්න අමරතුංග , ශිරන්ත ලියනගේ , දයා තෙන්නකෝන් , චරිත් රණතුංග යන මහත්වරුන් එක්වූහ.

0 Comments