ජනාධිපති සිහිනය දකින රාජයෝග ඇති අපේක්ෂකයෝ මෙන්න.....

  


ජනාධිපතිවරණය 2024 එන බව දැන ජනාධිපතිවීමට සිහින දකින ,රාජයෝග ඇතැයි කියන අපේක්ෂකයෝ බරගානක් නැවත ජනතාව ගොනාට අන්දමින් චන්දය ලබා ගැනීමට මේ දිනවල දේශපාලන භූමියේ සැරිසරන  බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

        ඒ නිසා කවුරු ඇඳුම් මැහුවත් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතික්‍රමය අහෝසිකර  න,සමානුපාතික ,කේවල මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යෝජනා කරන,  IMF වැඩපිළිවෙළ අහෝසි කරන,රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති,ජාතික නිදහස,ස්වෛරීත්වය රකින   අපේක්ෂකයකුට චන්දය ලබාදීමට බහුතර ජනතාව මේ වන විටත් තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ කථිකාචාර්යවරයකු පසුගියදා පැවසීය.

        ජනාධිපතිවරණයක් දිනීමට නම් දෙනු ලබන චන්ද වලින් 50% ක් ලබාගත යුතු බව මේ අපේක්ෂකයෝ දනිති. ඒ නිසා ජනතාව මුලාකිරීම සඳහා විවිධ උපක්‍රම,ප්‍රයෝග,බොරු සැලසුම්,උගුල්,කුමන්ත්‍රණ ඉදිරියේදී ජනතාවට දැකගත හැකිවනු ඇත.

ඒ අනුව දැනටමත් විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරමින් ජනතාවගේ එකම ගැලවුම්කරු තමා යයි පවසමින් රට වටේ තිබෙන විහාරස්ථාන ,පල්ලි,කෝවිල්පෙරලමින් සිටින බව එම ආචාර්යවරයා පැවසීය.

          මේ සඳහා සූදානම් වන පළමුවැන්නා රනිල්ය.හැබැයි "කොක්කෙන් හෝ කෙක්කෙන් "දිනන්න බැරිනම් ඔහු ඉදිරිපත් නොවේ.සජිත්ගෙන් බහුතරය කඩාගත්තොත් ඔහු පොහොට්ටුවයි,ශ්‍රීලනිපයයි,දෙමළ, මිස්ලිම් බහුතරය සමඟ තරඟ වදිනු ඇත.  එසේ නොවුණහොත් ප්‍රතිපත්ති එකම නිසා සහ තම පංතිය බේරාගැනීමට ඔහු සජිත්ට සහාය දෙනු ඇත .මොකද අධිරාජ්‍යවාදීන් බලකරන්නේ .ධනපති පංතියෙන් එක් අයෙක් ඉදිරිපත් කරන ලෙසය.

       ඒ නිසා ඩලස්ලා ,ඩිලාන්ලා පොදු සතුරා ලෙස රනිල්ව දැක ,ඔහු පරාජය කිරීමට සජිත් හා අනුර එකතු වන ලෙස පැවසීම දේශපාලනිකව ඔලමොට්ටල හා බොළඳ යෝජනාවකි.හේතුව සජිත්ගේ ප්‍රබල කංඩායම රනිල්ගේ ප්‍රතිපත්ති පිළිගනී.

      පොහොට්ටුවෙන් බැසිල්,හෝ නාමල් එන බව පැවසුවත් ජනාධිපතිවරණයකදී චන්ද ගොඩ බෙදෙන්නේ දෙකට බව ඔවුන් දනී.ඒ නිසා ඔවුන්ට මේ වනවිට 10%ක ප්‍රතිශතයක්වත් නොමැත.විසුරුවාට පසුව එයද අහිමිවනු ඇත.

    මී ළඟට රනිල්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂකයා වනු ඇත්තේ මාලිමාව ප්‍රමුුඛව ඉදිරිපත් වන පොදු අපේක්ෂකයාය. ඔහු අනුර හෝ හරිනි හෝ වෙනත් කෙනෙකු විය හැකිය.වැඩ පිළිවෙළ මත එක් අපේක්ෂකයකු දැමිය යුතු අතර එසේ වුවහොත් ඔහුට වාමාංශික,ප්‍රගතිශීලී,ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග එක්වී 50%කට වඩා චන්ද දෙනු ඇත.

    දිලිප් ජයවීරද තව අපේක්ෂකයෙකි.ඔහුගේ අපේක්ෂාව 69 ලක්ෂයේ දැනට කළකිරී ඇතිචන්ද ලබාගෙන ජය ගැනීම බව කියැවේ.ජාතීවාදී චන්ද ලබා ගැනීම සඳහා නලින්ද සිල්වා,මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන් ළංකර ගැනීම ඔහුගේ උපාය වී තිබේ.ඔහු මේ දිනවල පංසල් යන්නේ ඒ සඳහාය.

    අරගලයේ පිහිටෙන් ජනාධිපතිවීමට වෙර දරන අපේක්ෂකයා සරත් ෆොන්සේකාය.අරගලයේ සිටිග පිරිස් මේ වන විට විසිරී ගොස් ඇති බව ඔහු නොදනී.

   චම්පිකද කාලයක සිට ජනාධිපති සිහිනයේ සිටින අයෙකි.ඔහුටද රාජ යෝගයක් තිබෙන නිසා ඔහු තම අපේක්ෂාව අතහැර නැති බව පැවසේ..

       ජනාධිපති සිහිනය දකින නවතම නායකයා රොෂාන් රණසිංහයි.ඹහුටද රාජ යෝගයක් තිබෙනවාලු.

"සදහම් අරුණ" නමින් ධර්මදේශනා වැඩ සටහනක් හැම පෝයදිනකම පැවැත්වීමට දිවයින පුරා පිහිටි පංසල් වලට යමින් සිටී.මාධ්‍යමෙහෙයුමට විශාල මුදලක් වැය කරමින් සිටින බව වාර්ථාවේ.

       ජනාධිපති සූට් මහපු තව බරගානක් සිටින බවත් ඔවුන් ඉදිරියේදී දැක බලා ගැනීමට හැකියාව ඇතැයිද පැවසේ.

Post a Comment

0 Comments