යාපනය විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් කිලිනොච්චිය කෝනාවිල්හි ඇයගේ නිවස තුළදී ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
මිය ගිය සිසුවිය ගෙළ නිවසේ ඇයගේ කාමරය තුලදී ගෙල වැලලාගෙන ඇති බවට ඇයගේ සොහොයුරා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් වෛද්‍යවරුන් පැවසීය.
සිසුවිය ගෙළ වැලලාගෙන සිය දිවි හානි කර ගන්නට ඇතැයි සැක පලකරන අතරම ඇය මෙසේ සිය දිවි නසා ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබදව නිශ්චිතව අනාවරණයවි නොමැති බව ද පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කෝනාවිල්හි පදිංචි ඩිලක්ෂියා නැමති සිසුවයික් වන අතර ඇයගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිලිනොච්චිය රෝහලේ තැම්පත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

0 Comments