ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරන නිලධාරිනියක් විසින් සිදුකරන ටෙන්ඩර් මාෆියක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණ කෙරින.
ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා විසිනි.
මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ නිලධාරිනිය විසින් ඇයට හිතවත් සමාගම් සඳහා පමණක් ටෙන්ඩර් ලබාදෙන බවයි.
එම ප්‍රකාශයට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් පැවසුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊට සුළු වේලාවකට පෙර අදාළ නිලධාරිනිය දක්ෂ නිලධාරිනියක් බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවය.
එබැවින් තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා සහ රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා සිදුකරන ප්‍රකාශවල පරස්පරතාවයක් පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කර නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසත් රඹුක්වැල්ල මහතා ඉල්ලා සිටියේය.

0 Comments