නල්ලූර් දේව මෙහෙයට දශ ලක්‍ෂයක ජන ගගක්..

 

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික දේව මංගල්ලය ඊයේ (14) රාත්‍රියේ පැවති විශේෂ දේව මෙහෙයෙන් පසුව ප්‍රධාන දේව මෙහෙයන් අවසන් සියල්ල අවසන් වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

පසුගිය 21 වනදා නල්ලූර් කෝවිලේ ප්‍රධාන ධජයන් ඔසවා ප්‍රධාන දේව මෙහෙයන් ආරම්භ වූ අතර ඊයේ රාත්‍රියේදී ඔසවන ලද ධජයන් පහත හෙලා තීර්තෝත්සවම් ප්‍රධාන දේව මෙහෙය පවත්වා වාර්ෂික දේව මංගල්ලයේ ප්‍රධාන දේව මෙහෙයන් අවසන් කරනු ලැබීය .

අනතුරුව අද (15) සහ හෙට දිනයන්හි කෝවිල් පූජක මණ්ඩලය විසින් පංකාවනම් සහ වෛරවර් පූජාවන් පැවත්වීමමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අගෝස්තු මස 21 වනදා සිට සැප්තැම්බර් 14 වනදා දක්වා පැවති නල්ලූර් වාර්ෂික දේව මංගල්ලය වෙනුවෙන් උතුරු නැගෙනහිර මෙන්ම දිවයිනේ වවිධ පලාත්වල සිට හා විදෙස් බැතිමතුන්ද ලක්ෂ 10 කට අධික පිරිසක් සහභාගී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පෙන්වා දෙයි.

නල්ලූර් කෝවිලේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය පොලීසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට තිබූ අතර බැතිමතුනට අවශ්‍ය පහසුකම් යාපනය මහනගර සභාව හා නල්ලූර් ප්‍රාදේශීය සභා මගින් සපයා තිබුණි.

Post a Comment

0 Comments