අතේ මහ ලේකම්ට ලොකු තරගයක්...

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන අය අතර මේ සඳහා දැඩි උනන්දුවක් ඇති වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.


දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.


මේ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.


සරත් ඒකනායක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ම නියෝජ්‍ය ලේකම්වරයා වන අතර,ඔහු මීට පෙර ද පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස කටයුතු කළේය.

Post a Comment

0 Comments