CD තව දින පහයි.. අලුත් පොලිස්පතිට තියුණු තරගයක්…

 

මාස 3 ක සේවා දිගුවක් මත රාජකාරියේ සිටින වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය එළැඹෙන සැප්තැම්බර් 26 වන දා අවසන්වීමට නියමිතව තිබේ.

නමුත් ඔහුට තවත් සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.

නව පොලිස්පත්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මීට හේතු වී ඇත.

මීලග පොලිස්පති ධුරය සඳහා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් මතුවී ඇති අතර ඒ හරහා පොලිසිය කණ්ඩායම් බිහිවී ඇත.

Post a Comment

0 Comments