සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් සකස් කරන ලද වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත පිලිගැන්වීම සිදු විය.
මෙම වාර්තාව මගින් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, තුලනය සිදු වී ඇති ආකාරය, විවිධ කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්‍රයේ මිනුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අතර එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වේ.
වර්තමානයේ විදුලිබල මණ්ඩලයේ 23,419 දෙනෙකු සේවය කරයි.

0 Comments