ගෝටාගේ ලිපිය බොරු.. සුරෙෂ් සලේ ඒ කාලෙ ලංකාවට ආවා..- Channel4 වීඩියෝව ගැන ජිනීවා සිට හෙලිදරවුවක්…

 



Channel4 නාලිකාව ඔස්සේ විකාශය වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුර අසත්‍ය එකක් බව දැනට ජිනීවා නුවර රැඳි සිටින මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපියේ දැක්වෙන පරිදි මේජර් ජනරාල් සුරේෂ් සැලේ මහතා 2016 සහ 2019 අතර කාල සීමාවේ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බව සහ නොපැමිණි බවට දක්වා ඇති කරුණු සියල්ල ද පිළිගත නොහැකි බවය.

යහපාලන සමයේ FCID විසින් සිදුකරන ලද පරීක්ෂණයකට කට උත්තර ලබා දීම සඳහා ද අදාළ කාල සීමාව තුළ සුරේෂ් සැලේ මහතා ශ්‍රී ලංකාවට කැඳ වූ බවත් එය මේ වන විට ගෝඨාභය මහතාට මෙන් ම සුරේෂ් සැලේ මහතාට ද අමතක වීම පුදුමයක් බව ද පෙන්වා දෙන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා සුරේෂ් සැලේ මහතාට ගමන් බලපත්‍ර කිහිපයක් තිබූ බව ද පවසයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා Channel4 වීඩියෝවට අදාළ ව ලබා දුන් පිළිතුර සැකසීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සැලේ මහතා ද දායක වී ඇති බවටත් චෝදනාවක්ද ඔහු එල්ල කරයි.

Post a Comment

0 Comments