ලොව ප්‍රකට ගූගල් සිතියමේ උපදෙස් අනුව කඩාවැටුණු පාලමක් මතින් ගොස් අනතුරක් සිදු වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ නිරතව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත.
ඔහු එසේ රිය ධාවනය කර ඇත්තේ වසර නවයකට පෙර කඩා වැටුණු පාලමක් මතින් බව තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත් වූ පුද්ගලයා සමග ඔහු පැදවූ ජීප් රථය ද දියට වැටී ගිලී ගොස් තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ගූගල් සමාගමෙන් නොසැලකිලිමත්කම හා වැරදි උපදෙස් නිසා බව එම පුද්ගලයාගේ බිරිඳ තම නඩුවෙන් චෝදනා කර ඇත.
මෙම පාලම මීට වසර නවයකට පෙර කඩාවැටුණු පාලමක් බවට අනතුරට පෙර ද බොහෝ දෙනකු ගූගල් සමාගමට දැනුම් දී තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

0 Comments