බදු තව මදි..- IMF

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ඉලක්කය සැලසුම අනුව සම්පූර්ණ කර ගෙන නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

මෙරට තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි කණ්ඩායම විසින් මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ පැවැති අයහපත් ආර්ථිකයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් පිළිබඳව ද ඔවුන් සතුටද පල කර ඇත.

නමුත් රාජ්‍ය ආදායම් උපයා ගැනීමේදී ඇතැම් ක්‍ෂෙත‍්‍රයන්හි තවදුරටත් පවතින මන්දගාමී ස්වභාවය ඉහත පිළිබඳව ඔවුන් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන නියෝජිත කණ්ඩායමේ දෙවැනි වටයේ පළමු සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේ මේ බව පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments