ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමක් ඇතිකර නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ මූලික අවශ්‍යතාවයන් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම දැනට අවසන් කර ඇති බවද හෙතෙම පැවසීය.
එනිසා ඉක්මනින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර හැකි වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

0 Comments