UN සමුළුවට ගිහින් ඉන්නේ රට බංකොලොත් කල මන්ත‍්‍රීවරුන්…

 

රට බංකොලොත් වී ඇති මොහොතක, ජන ජීවිත, ව්‍යාපාර කඩා වැටී ඇති අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවන ගමනට, රට බංකොලොත් කිරීමට මූලික වූ මන්ත්‍රීවරුන් රැගෙන යාම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, මෙය රාජ්‍ය සතු ජනතා මුදල් නාස්ති කිරීමක් බවයි.

මෙවැනි සැලසුමක් පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී පවා සඳහන් බවත්, ඒ හේතුවෙන් එවැන්නක් සිදු කළ නොහැකි බවත්, සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

Post a Comment

0 Comments