පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ.
ත‍්‍රිකුණාමල සර්ධාපුර ප්‍රදේශයේදී විරෝධතාකරුවන් පිරිසක් මෙසේ පහර දුන් බව පොලීසිය සඳහන් කරයි.
පහර දීම සිදු කර ඇත්තේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පෙළපාලියකින් ත‍්‍රිකුණාමලය නගරය හරහා ගමන් කරමින් සිටියදීය.
පොලිස් නිලධාරීන් ඉදිරිපිට දීම විරෝධතාකරුවන් විසින් මන්ත්‍රීවරයාට පහර දුන් අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයා යතුරුපැදියක නැගී එම ස්ථානයෙන් පිටත්ව යද්දීද විරෝධතාකරුවන් ඔහුට පහර දීමට කටයුතු කළේය.
කොටි සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ දිලීපන් නමැත්තාගෙන් සැමරුමක් වෙනුවෙන් නැගෙනහිර සිට උතුරු පළාතට රථ පෙළපාලියක් ගමන් කිරීමේ දී මෙම තත්ත්වය ඇතිවිය.


0 Comments