තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට විදුලිය ලබාගෙන එම විදුලි ගාස්තු ගෙවා නොමැති බවට අභූත චෝදනාවක් එල්ල කිරීම හේතුවෙන් එම පුද්ගලයන් හා කරුණු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට පැමිණිල්ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන්ගේ විවාහ මංගල උත්සවයට විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් කිසිදු බිලක් තමාට හෝ තම පියාට ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.
ඒ අනුව රුපියල් ලක්ෂ 26 ක විදුලි බිලක් හා ලක්ෂ 12 ක බිල්පතක් තිබෙන බවත් ලක්ෂ 12 ක විදුලි බිල විදුලිය ලබා ගැනීම පිළිබඳ කම්කරු ගාස්තුව ලෙස දන්වා ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ලක්ෂ 26ක විදුලි බිල දක්වා ඇත්තේ තමන් විවාහ උත්සවය වෙනුවෙන් ලබා ගත් විදුලිය ලෙස යැයි ද වැරදි අර්ථකථනයක් බවත් පවසන මන්ත්‍රීවරයා එය නිවැරදි දක්වන්නේනම් මංගල උත්සවයේදී මාර්ග අලංකරණ වෙනුවෙන් භාවිතා කරන ලද විදුලිය සඳහා යයිද ඔහු පෙන්වා දුන්නේය.
කම්කරු ගාස්තු රුපියල් ලක්ෂ 12 ක බිලක් නිකුත් කර ඇතත් එය වැරදි බවත් නිවැරදිව පැවසුවහොත් රුපියල් 50,000ක පමණ ගාස්තුවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
කම්කරු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 12ක බිල්පතක් ලැබෙනවා නම් විවාහ උත්සවයට පැමිණි පිරිසටත් වඩා විදුලිය ලබාදීමට වෙනුවෙන් සේවකයන් පැමිණ ඇති බවද මේවා පදනමක් නැති පිරිස් වල විහිලු කතා බවත් කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
0 Comments