මුලතිව් කොක්කුතුඩුවායි උතුර සහ කර්නාටුකේනි ගම්මානයන්ට (18) කඩා වැදුනු වන අලි රංචුවක් විසින් පොල් ගස් කඩා බිම හෙලා පොල් ගෙඩි 2000 කට ආසන්න විනාශ කොට ඇතැයි ගම්වැසියන් ප්‍රකාශ කර සිටිති.
වර්ෂාවත් සමග පොල් වගාවට එකවරම වනඅලි රංචුවක් කඩා වැදීමත් සමග ගම්වාසීණ් ආරක්ෂිත ස්ථාන වෙතට දිව ගොස් ඇති අතර පසුව වන අලි රංචුව විසින් පොල් ගස් විශාල ප්‍රමාණයකට හානි බිම හෙලා සම්පූරණයෙන්ම විනාශ කොට පලා ගොස් ඇත.
වනඅලින් විසින් පොල් ගස් බිම හෙලා පොල් ගෙඩි 2000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කොට ඇති අතරම කුඩා පොල් ගස්ද බිම හෙලා විනාශ කොට ඇත.
වනඅලින් ගම්වැදීම හේතුවෙන් පොල් වගාවන් මේනම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවක් හේතුවෙන් වන අලි ගම්වැදීම වහාම නවතා දෙන ලෙසටද ප්‍රදේශවාසී ජනතාව විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
0 Comments