විදුලි මෝටර් රථ හතක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර තක්සේරුව අඩුවෙන් පෙන්වා මෙරටට ගෙන්වූ බව කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රුපියල් කෝටි ගණනාවක වටිනාකමින් යුක්ත වන මෙම වාහන මේ වන විට රේගු විසින් රඳවාගෙන සිටියි.
විමර්ශන කණ්ඩායම් සැක පළ කරන්නේ විදේශයන් හි සිට ඩොලර් උපයන පුද්ගලයන්ගේ නම් වලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ව්‍යාජ බැංකු සහතික ද ඉදිරිපත් කර මෙම වාහන ගෙන්වා ඇති බවයි.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ගෙන්වීම සදහා අමාත්‍යාංශයක පිරිසක් ද මීට සම්බන්ධ වී ඇතැයි හෙළිව ඇත.
ජාවාරම පසුපස ප්‍රබල දේශපාලන සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිව ඇත.
0 Comments