විදුලි ගාස්තු ඉහල දැමීමට සාපේක්ෂව පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ මිල ඉහළ දමන ප්‍රමාණයන් සාකච්චා කර දැනුම් දෙන බවයි.
සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
රජය විසින් විදුලි ගාස්තුව අද දින සිට 18% කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
0 Comments