ගෑස් මිල ඉහල යාමෙන් හෝටල් හා බේකරි කෑම මිල ඉහලට…

 



ගෑස් මිල යලිත් ඉහල යාමත් සමග හෝටල්වල හා බේකරිවල විවිධ කැම වර්ගවල මිල ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පිරිස පවසනුයේ ගෑස් මිල ඉහල යාමත් සමග බනිස්, මාළු බනිස්, සෝටිස්, බිත්තර රෝටි වැනි කෙටි කැම වර්ගවල මෙන්ම රයිස්, කොත්තු, ඇතුළු ආහාර වර්ග මෙන්ම බත් පැකට්ටුවේ මිලද සමහර හෝටල් හිමියන් හා බේකරි හිමියන් විසින් ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් මත තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හෝටල් හා බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් මිල යාමත් සමග ආහාර නිස්පාදනයේ සිදුවන වියදම් ඉහල යාමත් සමග ආහාර මිල මෙසේ වැඩි කිරිමට සිදුව ඇති බවත්ය

Post a Comment

0 Comments