ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළැඹෙන සදුදා ඔස්ට්‍රේලියාව සමග පැවැත් වෙයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හා වේගපන්දු ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයන්ට ලක්ව ඇති නිසා ඔවුන් වෙනුවට දිමුත් කරුණාරත්න සහ ළහිරු කුමාර සලකා බැලීමට නියමිතව තිබේ.
පැවති තරඟ දෙකේදී කුසල් පෙරේරා සැලකිය යුතු ලකුනු දායකත්වයක් කණ්ඩායමට එක් නොකල අතර මතීෂ පතිරණ තරඟ දෙකේදී පන්දුවාර 19ක් යවා ලකුණු 185ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා දී ඇත.
0 Comments