ජැක්සන්ගේ වාහනයේ හැපුනේ පිල්ලියක්ද…?- ඇසිින් දුටු සෝමරත්න දිසානායකගෙන් ප‍්‍රකාශයක්..

 

අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ වාහනයේ හැපුණේ අලියෙක් නොව පිල්ලියක් යයි සමාජ ජාලාවල පලවන වාර්තා අසත්‍ය බව චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ එම අනතුර සිදුවූ දිනයේ තමන් ජැක්සන් ඇන්තනී මහතාගේ වාහනයට තවත් වාහන දෙකක් පසුපසින් පැමිණි බවයි.

ඒ වන විට එම අනතුරෙන් පසුව ඇන්තනි මහතා පාර අයිනේ වැටී සිටි බවත් අලියාද කකුල බිඳීමකට ලක්ව ඒ ආසන්නයේ සිටි බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව තම වාහනයේ නංවාගෙන ඇන්තනි මහතා රෝහල් ගත කිරීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

සමාජ ජාලාවල විවිධ අසත්‍ය තොරතුරු පල වුවත් සත්‍ය සිදුවීම ඇසින් දුටුවේ තමන් බවද ඔහු තවදුරටත් රූපවාහිනි නාලිකාවක සකච්චාවකදී කියා සිටියේය.

Post a Comment

0 Comments