රනිල් මේ කරන්න හදන්නේ වංචාවෙන්,ප්‍රයෝගයෙන් ජනතාව රවටා ජනාධිපතිවරණය නොපවත්වා ,2025 පැවැත්වීමට නියමිත මහා මැතිවරණය තෙක් තම ආයුෂ දික්කර ගැනීමේ කූටප්‍රයත්නයක් බවත්,ඒ පාපකර්මයට මේ රටේ විපක්ෂය සම්මාදම් නොවනබවත්,එය කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජී.එල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක පරම්පරා කීපයකට කෙලින්ම බලපාන වැදගත් මූලික නීතිය බවත්,එය වෙනස් කරනවා නම්,එය ගැඹුරින් සිතා මතා කළයුතු දෙයක් බවත්,
ජනාධිපති ක්‍රමය වැනිආ.ක්‍ර ව්‍ය වස්ථාවේ මූලික වෙනස්කමක් කිරීමට මේ පාර්ලිමේන්තුවට ජනවරමක් නොමැති බවත්,ජනාධිපති ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ස්වාධීන කොමිෂන් සභා,අධිකරණය,කැබිනට් මංඩලය,රාජ්‍ය සේවය,වැනි අංශ සමඟ ගැට ගැසී ඇති තනතුරක් බවත්,එය ඉවත් කරනවා නම් අනිවාර්‍යයෙන් අංගසම්පූර්ණ ආ.ක්‍ර.ව්‍ය ඉදිරිපත් කර සිදුකළ යුතු බවත්, එසේම ඝෝඨාභයට ලබාදුන් ජනවරමෙන් මෙය කළ නොහැකි බවත්,මේ පාර්ලිමේන්තුවද ජනවරමේ සුජාතභාවයක් නැති යල් පැන්න එකක් බවත් පැවසීය.
මැතිවරණයක් ලංවෙන හැම මොහොතෙම පවතින මැතිවරණ නීතියේ අඩුපාඩු හා වෙනත් කරැණු පෙන්වා වංචනික ලෙස මැතිවරණ කල් දමන බවත්,පළාත් සභා හා පළාත් පාලන මැතිවරණද එසේ කල් දැමූ බවත්,මේ සියල්ලටම හේතුව මැතිවරණ තිබ්බොත් ආණ්ඩුව පරාද වන බව දන්නා නිසා ඇති වී ඇති චන්ද භීතිකාව බවත් කෙසේ හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ගැනීම රනිල්ගේ අවසන් සිහිනය බවත් එයට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
0 Comments