වමට බර ආණ්ඩුවක් හැදීමට වහාම සාකච්ඡා අරඹනු!

 


මේ රටේ  පාලන බලය හොබවන ඊනියා (ඊනියා යනු හොර,තක්කඩි)ප්‍රභූ පංතියෙන් වමට බලය ගැනීම සඳහා ඵෙතිහාසික අවස්ථාවක් උදාවී ඇති බවත්,ඒ සඳහා මාලිමාව ඇතුලු සියලු වමේ ධාරාවන් වැඩ පිළිවෙළක් සඳහා දැන්ම සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්,දක්ෂිණාංශික සියලු පක්ෂ දැනටමත් නැවත රටේ බලය තමන් සතු කර ගැනීම සඳහා විවිධ උපායන් හා උපක්‍රම සොයමින් පවතින බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ මහාචාර්‍ය්‍ය වරයකු lankalnews වෙත පැවසීය.

     ඔහු වැඩිදුරටත් පැවසුවේ සමහර  සාම්ප්‍රදායික වමේ පක්ෂ තවමත් මැද මාවතයි වමයි එකතු කර බලවේගයක් තැනීමට පෙරුම්පුරමින් කාලය ගත කරන  බවත්,එය කිසිදා හරි නොයන දෙයක් බවත්,එයට හේතුව  මැද මාවත ලෙස පෙනීසිටි ශ්‍රීලනිප,හා ⁣පොහොට්ටුව මේ වන විටත්  රනිල්ගෙ තුරුලට යාම නිසා මැද මාවතක් දැන් නොමැති බවත්,ඒ නිසා ඩලස් පිලත්,උත්තර ලංකා සභාගයත්,මාලිමාවත් එකතු  නොවුණහොත් නැවත ඊනියා ප්‍රභූ පංතිය බලය ගනු ඇතැයි ද,දැනටමත් වමේ පක්ෂවල පහළ කොටස් වමේ නායකයන්ට එකතුවන ලෙස බලපෑම් කරමින් සිටින බවද,ඔහු වැඩිදුරටත් පැවසීය...

Post a Comment

0 Comments