ලංකාවේ නීතිය අනුව සිටින පොලිස්පතිගේ ධූරකාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සභාවට නව පොලිස්පති ධුරය සඳහා නමක් නිර්දේශ කර යැවූ පසුව ව්‍යවස්දායක සභාව විසින් එය අනුමත කළහොත් පමණක් ජනාධිපති විසින් ඔහු පොලිස්පති ධූරය සඳහා පත් කරන බවත්, නමුත් දැන් සිදුවී ඇත්තේ එම ක්‍රියාදාමය අනුගමනය කරමින් නව පොලිස්පති කෙනෙකු පත්කරනවා වෙනුවට සිටින පොලිස්පතිම මාස තුනෙන් තුනට සහ දැන් සති දෙකෙන් දෙකට දුරකථනයට රීලෝඩ් දානව වගේ රීලෝඩ් ක්‍රමයට කාලය දීර්ග කිරීමක් බවත් ,ඔක් 9 වෙනිදායින් පසු සිටින පොලිස්පතිගේ ධුරකාලය අවසන් වී ඇති බවත්,ඒ අනුව නැවත ඔහුගේ ධුරකාලය සති 3කින් දීර්ගකරන ලෙස ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සභාවට කරන ලද නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර නොමැති බවත් ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් ලබා දුන් සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකරනලද තත්වයක් තුල මේ රටේ දැන් පොලිස්පතිවරයා කවුද? යනුවෙන් තමා ප්‍රශ්න කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කථානායක තුමාගෙන් විමසීය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමතය ඉල්ලුවේ ධූරකාලය තුලනම් සහ එය ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකරන විට ඔක්.9 සිට නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් තිබූ බවත්, ඒ අනුව දැන් රටේ පොලිස් පති රීලෝඩ් පොලිස්පතිද කියා විමසන බවත් ,ඒ අනුව පොලිස් ඇමතිවරයා දැන් නියෝග නිකුත් කරන්නේ රීලොඩ් පොලිස්පතිටද?කියා විමසීය.එසේම ජනාධිපතිට කෙලින්ම පොලිස්පති පත්කළ නොහැකි බවත් එසේ නොවන්නේ නම් ,ව්‍යවස්ථාදායක සභාව පලක් නොමැති බවත් වැඩිදුරටත් පැවසීය..
0 Comments