ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව හා එජාප එකතුවී ඉදිරිපත් කරන අපේක්ෂකයා අන්ත පරාජයකට පත්වන බවත්, එහිදී සජිත් හෝ අනුර ස්ථීරවම ජයග්‍රහණය කරන බවත්,සියලු සමීක්ෂණ වාර්ථාවලින් හා බුද්ධි අංශ වාර්ථා වලින් රජයට දැනුම් දීමත් සමග රනිල් හා බැසිල් එකතුවී ජනාධිපතික්‍රමය අහෝසිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රහසිගතව සාකච්ඡා කර ඇතැයි දමාජ මාධ්‍ය හරහා වාර්ථා වේ.
ජනාධිපති ක්‍රමය අහෝසිකර නැවත වෙස්මිනිස්ටර් ක්‍රමයට පවත්වන මහමැතිවරණයකදී පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් එවිට ඔවුන්ටද ලබාගත හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි.
එසේම ජනාධිපති ක්‍රමය අහෝසිකරන යෝජනාවකට ජවිපෙට , සජබට හෝ කිසිවෙකුට
විරුද්ධ විය නොහැකි බවත්,ඔවුන්ගේ අදහස වී තිබේ. අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේද ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව ඔවුන් දක්වයි.
0 Comments