තලේමන්නාරම් බොට්ටුවකින් හෙරෝයින්, හෂීස්, අයිස් තොගයක් අල්ලයි…

 



තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී    සිදුකල සෝදිසි වැටලීමකදී රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක්  ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි  අද (16) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් තම්මැන්නා කඳවුරේ නිලධාරී කණ්ඩායමක් විසින් අද අලුයම ඌරුමලේ වෙරළ තිරයේ සිදුකළ හදිසි සේදිසියකදි වෙරළේ තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක සිදුකල සෝදිසි කිරීමේ දී  එහි සුක්ෂම ලෙස  සඟවා   තිබු මෙම  මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 34 ක්,  හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි  ග්‍රෑම් 254 ක ප්‍රමාණයක් තිබු බව නාවික හමුදාව පවසයි.

ඩිංගි යාත්‍රාවේ පාර්සල් 10 ක මේවා අසුරා තිබුනු බවත් ඉන්දියාවේ සිට මහුදු මාර්ගයෙන් බොට්ටුවකින් රැගෙනවිත් දකුණු ප්‍රදේශයට රැගෙන යාමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කොට තිබියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බවට නාවික හමුදාව සැකපල කර සිටියි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය පියවර කටයුතු සඳහා තලෙයිමන්නාරම් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙතට භාරදීමට පියවර ගත් බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments