ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැර අඩුවෙන් හෝ සැර වැඩියෙන් හෝ එම නිෂ්පාදනය පිළිබඳව තොරතුරු යෝජනාවක් ගෙන ලෙස එන ලෙසද ඔහු සදහන් කලේය.
දෛනිකව රුපියල් 3000ක වැටුපට රාජකාරි කරන පුද්ගලයාට අරන් මත්පැන් කාලක් ලබා ගැනීමට රුපියල් අටසීයක් යන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවූ අවස්ථාවේ මන්ත‍්‍රීවරයා මෙසේ දැනුම් දුන්නේය.
සභාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ මත්පැන් මිල ඉහල යාමෙන් අද වන විට නීති විරෝධී මත්පැන් අලෙවිය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.
එනිසා ජනතාව අතර සෞඛ්‍ය අවධානමක් පැනනැගී ඇති බවද ඔහු හෙළි කළේය.
0 Comments