ගාල්ල මීටියාගොඩතෙල්වත්ත ප්‍රදේශයේ අද (12) අළුයම සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතිබව මීටියාගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ වාද්දූව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණි.
එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා තිබේ.
එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී තිබේ.
පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා පසුගිය දා ගාල්ල කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ සැකකරුවෙක් බව ද පොලීසිය පවසයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් ඇල්පිටිය දිසාව භාර සහකාර පොලිස් අධිකාරි ii සෘජු අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු වෙයි.
0 Comments