විදුලි බිල නැවත වැඩි කිරීමෙන් පෙන්වන්නේ රනිල් ආණ්ඩුවේ ආර්ථික ම්ලේච්ඡත්වයයි........

 


IMF වට්ටෝරුව ක්‍රියාවට නගමින් ඒ මත රට ගොඩනැගීමට හැකි යැයි සිහින දකිමින් සිටින රනිල් ආණ්ඩුව රජයේ ආදායම් සොයා ගැනීම සඳහා ධනපතියන්ට බදු සහන දෙමින් වැටුප් ලබන සේවකයන්ට සහ සාමාන්‍ය පොදු ජනයාට බදු පිට බදු පටවමින් මේ වනවිට ඔවුන්ගේ දෛනික ජීවන පැවැත්ම සහමුලින්ම කඩා ඉහිරවා ඇතිබව කාටත් රහසක් නොවේ.

  එසේ තිබියදී මේ වසර තුල පමණක් විදුලි බිල තුන් වෙනි වතාවටත් 18%කින් ඉහළ දමා ආණ්ඩුවේ ආර්ථික ම්ලේච්ඡත්වය පෙන්නුම් කර ඇත.මේ හේතුවෙන් නැවත වටයකින් භාණ්ඩ හා සේවාවල මිළ ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යනු ඇති අතර ජනතාවට විඳින්නට වන දුක් ගැහැට තවත් වැඩිවනු ඇත.

      ජලය,විදුලිය,අධ්‍යාපනය,සෞඛ්‍යය ඇතුළු ජනතාවගේ පොදු සේවා අංශ වෙළඳපළට දමමින් සිටින රජය,ඒවායින් අතසෝදා ගනිමින් සිටී.

 මෙසේ ආර්ථික වශයෙන් දිනෙන් දින ජනතාව රෝගාතුරව වැහැරෙද්දී,ආණ්ඩුවට සම්බන්ධ පොහොට්ටු,ශ්‍රීලංකා ඇමතිවරු හා මන්ත්‍රීවරු රනිල්ට යටත්ව IMF වැඩපිළිවෙළ ජනතාවගේ හිසමතට කඩා වැටෙන හැටි බලමින් ,තම මොළය හෝදාගෙන අවස්ථාවාදීව කටයුතු කරමින් සිටී.

Post a Comment

0 Comments