ජලය නෑ… රෝහලක් වසා දමයි..

 

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට දින දෙකක් තිස්සේ පානිය ජලය නොලැබිම නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් මෙන්ම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත් වි ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව කොටියාගල රක්ෂිතයේ සිට කිලෝමිටර් 05 ක් පමණ දුරට නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් ජල නල යොදා කිසිදු පිරි පහදුවකින් තොරව බගවන්තලාව නගරයට ජලය ලබා ගන්නා නල පද්ධතිය හරහා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලටද ජලය නිකුත් කරන බවත්, ඒ සදහා වාර්ෂික බිල්පතක්ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රාදේශිය සභාව වෙත ගෙවන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල් බල ප්‍රදේශය තේ වතු ගණනාවකින් සහ ග්‍රාමිය ප්‍රදේශ ගණනාවකින් ආවරණය වන අතර , දිනකට බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට විශාල රෝගින් පිරිසක් පැමිණෙන අතර , එසේ පැමිණෙන රෝගින් කිහිපදෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබාදිමට සිදු වන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

දින දෙකක් තිස්සේ රෝහලට ජලය නිකුත් නොකිරිම නිසා සනිපාරක්ෂක කටයුතු සදහා අවශ්‍ය ජලය නිවාස වලින් ගෙන්වා ගැනිමට සිදු වි ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් පැවසිය.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නිලධාරින්ගෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අවස්තා කිහිපයකදිම දුරකථනය ඔස්සේ ඇමතුම් ලබාගෙන රෝහලට ජලය නොමැති බව දැනුම් දුන් නමුත් ඒ සැම අවස්තාවකම බගවන්තලාව ප්‍රාදේශියට පවතින අයහපත් කාලගුණය නිසා බගවන්තලාව නගරයට ජලය ලබා ගන්නා ජල ටැංකියේ වැලි පිරි ඇති බවත්, ඒවා ඉවත් කරන තෙක් ජලය නිකුත් කිරිම අපහසු බවත් , ජල ටැංකියේ තැන්පත් වි ඇති වැලි සහ කැඩිගොස් ඇති ජල නල අලුත්වැඩියා කිරිම සදහා තම ප්‍රාදේශිය සභාවේ සේවකයින් යොදවා ඇති බවට එම නිලධාරින් පවසා සිටි බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

තවදුරටත් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ජලය නොලැබුණහොත් රෝහල තාවකාලිකව වසා දැමිමට සිදු වන බවද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිහ.

Post a Comment

0 Comments