ශ‍්‍රි ලංකාව අවසන් දෙදෙනාට තේරේ…

 



ලෝක කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 05ක පහසු ජයග්‍රහණයක් කර ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.3කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35 කදී කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම තරගයත් සමග ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි අවසන් ස්ථානයට පත්ව සිටී.

මෙතෙක් තරඟ ලෝක කුසලාන තරඟාවලිය කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම පිළිවෙලින් ලකුණු සටහනේ 9 සහ 10 ස්ථාන වල පසුවෙයි.

Post a Comment

0 Comments